
කල් දැමූ පළාත් පාලන මැතිවරණ කිහිපයක් අද දිනයේ පැවත්වෙද්දී සහ එම මැතිවරණයක් පැවත්වෙන බල ප්‍රදේශයක් ද භාවිතා කරමින් ජාතික මට්ටමේ තරගාවලියක් වන ජාතික කාන්තා මලල ක්‍රීඩා සූරතාවලිය අද (ජූලි 23) බියගම දී පැවත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇත.රටේ පොදු ව්‍යවස්ථාව අනුව කෙනෙකුගේ ජන්ද බලයට අවහිර කිරීම, බලපෑම් කිරීම හෝ බාධා කිරීම විශාල වරදක් වුව ද මලල ක්‍රීඩා සංගමය ඒ කිසිවක් තඹයකට මායිම් නොකරමින් මෙම තරගාවලිය ක්‍රියාවට නංවා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ අදහස් විමසීමක දී මලල ක්‍රීඩා ලේකම් වරයා පැවසූවේ එය ප්‍රශ්නයක් නොවන බව ජෙනරාල් පැවසූ බවය.ජෙනරාල් යනු මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා මෙන්ම රජයේ සහ ජනාධිපතිවරයා ගේ සහ එතුමා ගේ හිතවත් පුද්ගලයෙකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වන අතර ඔහු මෙම තරගාවලිය මැතිවරණයක් පැවත්වෙන දිනයක යොදා ගන්මින් ජන සම්මතවාදී ප්‍රතිපත්ති නොතකා හැර ක්‍රියා කරන්නේ නම් එය එය රජයට ද අප කීර්තියකි.
එසේම සාමාන්‍යයෙන් ද මෙම තරගාවලිය පැවත්වෙන බියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණීම අපහසු වන තත්ත්වයක් තුළ මෙම ක්‍රීඩාංගණය සදහා ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස ක්‍රියාත්මක කැස්බෑව සහ හෝමාගම යන මැතිවරණ කොට්ඨාශ දෙකේම මැතිවරණය පැවත්වෙද්දී මෙසේ තරගයක් සංවිධානය කිරීමෙන් එයට සහභාගි වන්නන් ගේ පහසුකම් නොසළකා හැර ඇත.එසේම ක්‍රීඩාංගණයෙන් නිසි පරිදි ආහාරපාන ලබා ගැනීමට වැඩ පිළිවෙළක් නොමැති නිසා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩංගණය අවටින් ආහාර පාන ලබා ගැනීමත් මෙම තත්ත්වය නිසා නිසි පරිදි ඉටු කර ගැනීමේ දුෂ්කරතාවයකට පත්වෙනු ඇත.
මැතිවරණයක දි ඇති විය හැකි කිසිදු අපහසුකාරී තත්ත්වයක් නොසළකා හරිමින් මෙන්ම එවැනි තත්ත්වයක දි ගත හැකි ක්‍රියා මාර්ග නොතකා හරිමින් ද මෙම ක්‍රීඩා උළෙල පැවත්වීමට එරෙහිව මලල ක්‍රීඩා සංගමය තුල කිසිදු සාකච්ඡාවක් ඇති වී නෙතිබීම ද ජනසම්මතවාදයට අත් වී තිබෙන ඉරණම පැහැදිලි කරන්නක් වන අතර විශේෂයෙන් ලේකම්වරයා සෑම අවස්ථාවකම සංගමය හෝ තමාගේ පෞද්ගලික මතය ඉදිරිපත් කිරීම වෙනුවට ජෙනරාල් කිව්වා යනුවෙන් සභාපතිවරයාගේ මතයේ පිහිටා ක්‍රියා කිරීම නිසා මේ වන විට ක්‍රීඩා කේෂ්ත්‍රයේ බොහා දෙනා අතර ‘පැබ්ලෝ’ යනුවෙන් ප්‍රසිද්ධ වී ඇත.’පැබ්ලෝ’ යනු ඊඑම්ඩී උපාලි විසින් නිර්මාණය කරන්නට යෙදුණු නාට්‍යයක් වන මෙතනින් මාරුවෙනු නාට්‍යයේ එන චරිතයක් වන අතර එහි ‘මං උඹේ සුවච කීකරු බලු කුක්කා පැබ්ලෝ’ යනු එහි එන ප්‍රකට ගීතයක වචන පෙළකි.
Sat, Jul 23, 2011 at 6:16 AM